Wednesday, September 21, 2016

වෙනස් විදිහේ අන්තර්ජාල අත්දැකීමක්!

කී බෝඩ් එකෙන් ඩ්‍රම්ස් ප්ලේ කරමු


විවිධ සංගීත නාද ලබාගත හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව ඔබේ පරිගණකයේ යතුරුපුවරුව භාවිතා කර විවිධ නාද උපදවාගත හැකි අතර එහි පහතින් ඇති බොත්තම් මත ක්ලික් කිරීමෙන් තවත් ඒ හා සම්බන්ධ විකල්ප තෝරාගැනීම්ද ලබාගත හැක.

 ඉගෙන ගන්න කෙනෙක්ට විශේෂයි


විවිධ විෂයයන්, විවිධ දේවල් පිළිබඳව ඉගෙන ගත හැකි වෙබ් අඩවියකි. පරිගණක භාෂා, සංගීතය, ඉංග්‍රීසි භාෂාව, ව්‍යාපාර, ධනාත්මක චින්තනය වැනි මාතෘකා විශාල සංඛ්‍යාවකට අදාලව නොමිලේ ලබාදෙන පාඨමාලා මෙහි අන්තර්ගතව ඇත. 

මේ විදිහටත් ෆොටෝ එඩිට් කරමු


ඡායාරූප සංස්කරණය සඳහා භාවිතා කළ හැකි උසස් ගණයේ වෘත්තීය මෙවලම් වලින් යුත් වෙබ් අඩවියකි. ෆොටෝෂොප් වලට බොහෝ සමානකම් දක්වන අතර මෙහි නිර්මාණය කිරීමට හැකි Pixlr Editor සහ පහසුවෙන් සංස්කරණය කළ හැකි Pixlr Express යනුවෙන් web app දෙකකි. මෙය මෙහෙයුම් පද්ධතිය මත ස්ථාපනය කළහැකි මෘදුකාංගයක් වශයෙන්ද බාගත කිරීමට සබැඳියක්ද මෙම අඩවියෙහිම ඇත.

බලලා ඉගෙන ගන්න අයට


ඔබට අවශ්‍ය යමක් හදන්නේ හෝ කරන්නේ කෙසේද යන්න පිළිබඳව වීඩියෝ දර්ශන ඇතුලත් වෙබ් අඩවියකි. ඉවුම් පිහුම්, තාක්ෂණය, එදිනෙදා ජීවිතයට අවශ්‍ය දැනුම වැනිබොහොමයක් දේ පිළිබඳව මෙහි වීඩියෝ දර්ශන ඇතුලත්ය.

කතා කරන අයගේ බොරු අල්ලමු


පුද්ගල චර්යාවන් හා දැනුම ලබාගත හැකි බොහෝ දේ පිළිබඳව තොරතුරු ඇතුලත් වෙබ් අඩවියකි. Body language මගින් පුද්ගලයෙකු පිළිබඳව කියවීම, මනෝ විද්‍යාව, මැජික්, යමෙක් පවසන්නේ බොරුද ඇත්තද යන්න හඳුනාගන්නේ කෙසේද වැනි බොහෝ දේ පිළිබඳව වටිනා ලිපි මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට කියවිය හැක. 

කැමති භාෂාවක් තනියම ඉගෙන ගනිමු


විවිධ භාෂා ඉගෙන ගැනීමට භාවිතා කළ හැකි ඉතා වටිනා වෙබ් අඩවියකි. ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, හින්දි, රුසියානු වැනි භාෂා විශාල ප්‍රමාණයක් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකි අතර ඔබට කැමති භාෂා පාඨමාලා තෝරා ගැනීමද මෙමගින් කළ හැකිය.

වාර්තාචිත්‍රපට වලට මීට වැඩිය හොඳ තැනක් නෑ


වාර්තාමය චිත්‍රපට නැරඹීමට හැකි වෙබ් අඩවියකි. මෙහි විවිධ වාර්තාමය චිත්‍රපට සිය ගණනක් ඇතුලත් අතර ඉතා වැදගත් ඉතිහාස කරුණු, ගවේෂණ, සොයාගැනීම් ආදි විවිධ දේ අන්තර්ගත වාර්තාමය චිත්‍රපටද ඉතා විශාල ප්‍රමාණයක් ඒ අතර වේ. 

මැජික් කරන විදිහ හරියටම ඉගෙන ගමු


මැජික් දර්ශන ඉදිරිපත් කිරීම පිළීබඳව ඉගෙනීමට අවශ්‍ය අයට ඒ සඳහා කදිම වෙබ් අඩවියකි. කාසි, කාඩ්, හෝ අවන්හල් උපක්‍රම පිළිබඳ ඉතා සවිස්තරාත්මක වීඩියෝ දර්ශන මෙහි අඩංගු වන අතර අදාල මැජික් දර්ශනය සිදු කරන ආකාරය මුල සිට පැහැදිලිව මෙම වීඩියෝ දර්ශන තුළ දක්වා ඇත. 




ගාත්‍රා.෴

0 comments:

Post a Comment